වීරවිල ගොවිපළ 1943 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර ආරම්භයේදී කළමනාකරණය කරනු ලැබුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසිනි. 1978 දී එය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට භාර දෙන ලදී. 1992 වර්ෂයේදී ගනු ලැබු ප්‍රතිපත්තිමය තීරණයකට අනුව මෙම ගොවිපල NLDB වෙත භාර දෙන ලදී. මෙම ගොවිපල මණ්ඩලය විසින් පවරා ගනු ලබන අවස්ථාව වන විට එය ලාභ නොලබමින් අත්හරින ලද තත්ත්වයක පැවති අතර තණබිම් නැවත කැලෑ බවට පත් වෙමින් තිබුණි. මෙම ගොවිපල පවරාගැනීමෙන් පසු ගොඩනැගිලි පිළිසකර කර ගොවිපලේ සිටින ඵලදායි නොවන ගවයින් සහ මී ගවයන් ගොවිපලෙන් බැහැර කර සංවර්ධනය සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කරන ලදී.
බිත්තර සහ බ්‍රොයිලර් කුකුළු මස් නිෂ්පාදනය සඳහා කුකුළු ඒකකයක් සමඟ නව එළු ගාලක් ඉදිකරන ලදී. තවද මහපල්ලස්ස බෙදුමේ කජු වගාවක් ද ආරම්භ කරන ලදී. වර්තමානයේ, මෙම ගොවිපලේ ප්‍රධාන වශයෙන්ම දේශීය වෙළඳපොළට සැපයීම සඳහා බ්‍රොයිලර් කුකුලන් ඇති කිරීමේ ඒකකයක් සහ බිත්තර නිෂ්පාදන වැඩසටහනක් ක්‍රියාත්මක වේ.
දේශගුණය ශුෂ්ක ස්වභාවයක් ගන්නා අතර සාමාන්‍ය උෂ්ණත්වය 27ºC, ආර්ද්‍රතාවය 70% සිට 80% දක්වා වන අතර වාර්ෂික වර්ෂාපතනය 1000mm සිට 2500mm පමණ වන අතර වසරකට වැසි දින 40 සිට 100 දක්වා වේ. පාංශු වර්ගය රතු දුඹුරු පෘථිවි වන අතර පසෙහි Ph අගය 5.5 සිට 7 දක්වා වෙනස් වේ.